කොලෝසියම් රගහල

කොලෝසියම් රගහල

                රෝම අධිරාජයා විසින් නිර්මාණය කළ විශාලතම ගොඩනැගිල්ල කොලෝසියම් රගහලයි. ක්‍රි.ව.72 දී වෙස්පර්සියන් අධිරාජයා යටතේ ගොඩනැගීමේ කටයුතු ආරඹා ක්‍රි.ව.80 දී මීටස් අධිරාජයාගේ පාලන සමයේ අවසාන කොට ඇත. මෙහි 50000 ක් ඇත. කළින් කළට සිදු වූ භූමි කම්පා වැනි ස්වාභාවික අනතුරු හා සොරුන් විසින් එහි ගල් හොරකම් කිරීම නිසා මේ වන විට බිද වැටී ඇත. ඉතාලියේ සත පහේ යුරෝ කාසිය මේ කොලෝසියම් රග  මඩලේ සේයරුවකින් ආවරණය වී ඇත.
මේ වන විට ලෝක පුදුම හතෙන් එකක් බවට පත් වී ඇති මෙය එකළ මරණය තෙක් සටන් වදින මල්ලවයන්, කඩු හරඹ, වයාජ මුහුදු සටන්, සත්ත්ව පොර, ශාස්ත්‍රීය නාට‍ය ආදිය එළි දැක්වීමට භාවිතා කර ඇත.