ඊජිප්තු ශිෂ්ඨාචාරය

හැදින්වීම
                
                ඊජිප්තු ශිෂ්ඨාචාරය යනු ගංගා නිම්න ශිෂ්ඨාචාර අතරින් වැඩිම කාලයකට හිමිකම් කී ශිෂ්ඨාචාරයයි. මෙම ශිෂ්ඨාචාරයේ ආයු කාලය ක්‍රි.පු.3100 - 1070 දක්වා දීර්ඝ විය. ඒ අනුව එය වසර 2030කි. එකළ නයිල් ගංගා නිම්නයේ හා ඩෙල්ටාවේ ජීවත් වූ ජනයාගේ පරිපාලනය, ආර්ථික, සමාජ, සංස්කෘතික තත්වය පිළිබද දැන ගැනීමට දැනට ඉතුරු වී ඇත්තේ නෂ්ඨාවශේෂ පමණි. නමුත් ශක්තිමත් ලෙස ඉදිකර තිබෙන මේ නෂ්ඨාවශේෂ කොටස් ඉහත දේ ගැන ඉගෙනීමට උපකාරී වේ. ප්‍රධාන නගර නම් තීබිස්, අස්වාන්, නූබියා වේ.

               


පිහිටීම

                අප්‍රිකා මහද්වීපයේ පිහිටා ඇති මෙය නයිල් නදිය ආශ්‍රිතව ගොඩනැගී ඇත. මධයම අප්‍රිකා කදුකරයෙන් ආරම්භ වන ලෝකයේ දිගම ගංගාව වන නයිල් නදිය මධයධරණී මුහුදෙන් අවසන් ගමන් යයි.

                ක්‍රි.පු.3000 වන විටත් මෙම ශිෂ්ඨාචාරයේ රජවරුන් සිටි බව පෙනේ. ඊජිප්තුව ඉහළ ඊජිප්තුව හා පහළ ඊජිප්තුව ලෙස කොටස් දෙකකට බෙදා තිබුණි. පසුව එයද ඒකාබද්ධ කළේය. ක්‍රි.පු.2600 පමණ නයිල් නිම්න ශිෂ්ඨාචාරය අංග සම්පූර්ණ පාලන තන්ත්‍රයකින් යුක්තව පැවති බවට සාධක ඇත.

  • මෙම ශිෂ්ඨාචාරයේ රජවරු පාරාවෝ යන නමින් හැදින්විනි.
  • රජු මෙහි ඉහළම තනතුර දැරීය.
  • ලෞතික මෙන්ම ඉහළම ආගමික නායකයාද රජුය.
  • රජුට දෙවියන්ගෙන් පාලන බලය හිමි වූ බව විස්වාස කළහ.
  • රජු ලගට ආගමික පූජකවරු ප්‍රධාන විය.


                මිසර වැසියෝ රජුට දේවත්වයක් ආරුඨ කළහ. ඔවූහු රජුගේ මරණයෙන් පසු ද රජුට දෙවියෙකු ලෙස පැවතීම සදහා අවමංගල චාරිත්‍ර ඉටු කළහ. මිසර ශිෂ්ඨාචාරයේ ප්‍රධාන ආගමික විස්වාස දෙකක් පැවතුනි. එනම්,
                1.රේ නමින් හැදින්වූ සූර්ය දෙවියා

                2.ඔසිරිස් නම් මරණ‍යට හා පුනරුප්පත්තියට අයිති දෙවියාය.

                මිසරයේ රජු නොහොත් පාරාවෝ මිහිපිට සිටින දෙවියා ලෙස හැදින්වුණි. පාරාවෝ රජු ජීවත් ව සිටින විට හොර්ස් දෙවියා ලෙස පෙනී සිටියේය. පසුව රජුව රේ ලෙස ද හැදින්විණි. රජු මිය ගිය පසුව ඔසිරිස් නම් මරණ‍යට හා පුනරුප්පත්තියට අධිපති දෙවියාය.

                                                               සැකසුම 
                                                                      තිමිර නිර්මාල්