කොරල් පර

කොරල් පර 
                     ලෝකයේ මුලු කොරල්  කලාප වර්ග කිලෝමීටර 600,000 පමණ ප්‍රදේශයක් පුරා විහිදී ඇත. ලෝකයේ පිහිටා ඇති විශාලම කොරල් පරය ලෙස සැලකෙන්නේ ඔස්ට්‍රේලියවේ මහා බාදක කොරල් පරයයි. තවද අප්‍රිකවේ මඩගස්කරය ආශ්‍රිත සාගර ප්‍රදේශ, ඉන්දුනීසියා හා පිලිපීනය ආශ්‍රිත සාගර කලාප, පැනමා ඇළ ආශ්‍රිත ඇමරිකානු සාගර කලාප හා මාලදිවයින ආශ්‍රිත සාගර කලාපද ලෝකයේ පිහිටි විශාල සාගර කලාප ලෙස සැලකේ.
       උතුරු අක්ෂාන්ශ 30ත් දකුණු අක්ෂාන්ශ 30ත් අතර කොරල් පර දක්නට ලැබේ. කොරල් බුහුබාවා ලෙස හැදින්වෙන අපෘෂ්ටවාසි ජීවියාගේ බාහිර සැකිල්ල ලෙස නිර්මාණය වන කැල්සියම් කාබනෙට් වලින් කොරල් පර නිර්මාණය වේ. කොරල් බුහුබාවා සමග ජීවත් වන සුසැන්තලේ නම් ඇල්ගී විශේෂය නිසා කොරල් පර වලට විවිද වර්ණ ලැබී ඇත.
       කොරල් පර නිවර්තන කලාපීය සුලග සදහා පළමු පෙළ බාදකයක් ලෙස ක්‍රියා කරමින් පා0ශූ ඛාදනයෙන් වෙරළ තීරය ආරක්ෂා කරයි. සාගරයේ නිවර්තන වර්ෂා වනාන්තර ලෙස හදුන්වයි.

කොරල් පර සදහා ඇති තර්ජන
       #  හුණුගල් ලබා ගැනීම
       #  මසුන් වෙලදාම සදහා කොරල් පර ආශ්‍රිත මසුන් ඇල්ලීම නිසා                          මත්සය වර්ග වදවීමේ තර්ජනයට ලක්වීම.
       #  මසුන් ඇල්ලීමට ඩයිනමයිට් බාවිතය නිසා කොරල් පර විනාශ                           වීම.
       #  විකිණීමට කොරල් පර කැඩීම.
       #  බෝට්ටු ආදිය කොරල් පර වල වැදීම නිසා කොරල් පර විනාශ                          වීම.
       #  ස්වාබාවික කාරණා
                                                              
                                                      තිමිර නිර්මල් විසිනි.


ජායාරූප